අෆ්රිඩි පත් වූ පළමු දිනයේ දී ම පාකිස්තාන ටෙස්ට් සංචිතයට වෙනස්කම් 3ක්

Date:

නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට අලුතින් පත් කෙරුණු තාවකාලික ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ශහිඩ් අෆ්රිඩිගේ සභාපතිත්වයෙන් යුත් තාවකාලික තේරීම් කමිටුව පත් කෙරුණු පළමු දිනයේ දී ම යි එම තේරීම් කමිටුව විසින් මෙම පියවර ගෙන ඇත්තේ.

Also Read : හසන් අලී ටෙස්ට් සංචිතයට යළි කැදවයි

ඒ අනුව මීට පෙර නම් කර තිබූ ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතය මේ වන විට ක්‍රීඩකයින් 19 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සංචිතයට අලුතින් ඇතුළත් කර ඇත්තේ Mir Hamza, Sajid Khan හා Shahnawaz Dahani.

පාකිස්තාන – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය හෙට (26 වැනිදා) කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

Also Read : අයහපත් කාළගුණය නිසා පාකිස්තාන – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක්

Pakistan Squad:

Babar Azam (C), Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Kamran Ghulam, Mir Hamza, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Noman Ali, Sajid Khan, Salman Ali Agha, Sarfaraz Ahmed, Saud Shakeel, Shahnawaz Dahani, Shan Masood and Zahid Mehmood.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...