පළමු වරට IPL තරගාවලියට නිවුන් සහෝදරයින්

Date:

ඉතිහාසයේ පළමු වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී නිවුන් සහෝදරයින් ක්‍රීඩා කරන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව 2023 තරග වාරයේ දී ප්‍රේක්ෂකයින්ට උදා වී තිබෙනවා.

ඒ, ඊයේ (23) කෝචි හී දී පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් Duan Jansen මිලදී ගැනීමත් සමගයි.

ඔහුව එම කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලකටයි.

වමත් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Duan Jansen මේ වන විට පළමු පෙල තරග 16 ක්, List A එක්දින තරග 16 ක් හා 20යි 20 තරග 27 ක් ක්‍රීඩා කර ඇතත්, ඔහු මෙතෙක් ජාත්‍යන්තර තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

ඔහුගේ නිවුන් සහෝදරයා වන්නේ දකුණු අප්‍රිකානු වමත් වේග පන්දු යවන ක්‍රීඩක Marco Jansen.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඔහුව සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි සන්රයිසස් කළමණාකාරීත්වය විසින් පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...