චන්දිමාල්ගේ දැවැන්ත ඉනිම පළමුපෙල වාර්තා අලුත් කරයි

Date:

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් අද ත්‍රිත්ව ශතකයක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහුටුවීමට සමත් වුණා.

ඒ, මෙරට අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගනිමින්.

සැරසන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ දෙවන දිනයේ දී චන්දිමාල් මෙම ත්‍රිත්ව ශතකය වාර්තා කළ අතර, ඔහු නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

චන්දිමාල්ගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 33ක් ඇතුළත්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 642ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

මෙරට පළමුපෙල ඉනිමක වැඩිම ලකුණු ලාභීන් –

මහේල ජයවර්ධන 374 (ටෙස්ට්)
දිනේෂ් චන්දිමාල් 354*
කිත්රුවන් විතානගේ 351

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...