තරගාවලියේ ජය එංගලන්තයට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ(25) අවසන් වීමත් සමගයි.

තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඊයේ දිනය ආරම්භ කරන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි  පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 100ක් ලබා සිටියා.

තරගය නිමා කරන විට පාකිස්තානය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 187ක්.

බබාර් අසාම් නොදැවී ලකුණු 63යි.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එහිදී ලකුණු 31 ක් ලබා සිටි නායක අසාර් අලීගේ කඩුල්ල දවා ගනිමින් ඇන්ඩර්සන් සිය ටෙස්ට් කඩුලු 600 සීමාව පසු කර යාම විශේෂත්වයක්.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 600 සීමාවට ළඟාවු ලොව සිව්වන පන්දු යවන්නා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 583ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රවුලි ලකුණු 267ක් රැස් කළ අතර, ජොස් බට්ලර් ලකුණු 152ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී යසීර් ශාහ්, ශහීන් ෂාහ් අෆ්රිඩි සහ ෆවඩ් අලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අනතතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 273ක්.

නායක අසාර් අලී නොදැවී ලකුණු 141ක් රැස් කළේ හතරේ පහර 21ක් සිය ඉනිමට ඇතුළත් කරමින්.

පන්දු යැවීමේ දී ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 56කට කඩුලු 5ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...