IPL වෙන්දේසියේ පළමු කාණ්ඩයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට කෝචි හී දී ආරම්භ වී තිබෙනවා.

පළමු කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 6 දෙනෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු අතර, ඉන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අලෙවි වුණා. අලෙවි නොවූ ක්‍රීඩකයින් ගණන 2ක්.

වෙන්දේසියේ දී පළමු වරට අලෙවි වූයේ නවසීලන්තයේ කේන් විලියම්සන්. ඔහු ඉන්දීය රුපියල් කෝටි දෙකක මිලකට මිලදී ගත්තේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින්.

එංගලන්තයේ හැරී බෘෘක් ඉන්දීය රුපියල් කෝටි 13.25 කට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් මිලදී ගැනීම කැපී පෙනුණා.

මයාන්ක් අගාර්වල් ඉන්දීය රුපියල් කෝටි 8.25 කට මිලදී ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසිනුයි.

අජින්කෙයා රහානේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා. ඒ, ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මිලකටයි.

වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු ජෝ රූට් හා රයිලි රොසෝව් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

First set :

  • Kane Williamson – INR 2 Crore – GT
  • Harry Brook – INR 13.25 Crore – SRH
  • Mayank Agarwal – INR 8.25 Crore – SRH
  • Ajinkya Rahane – INR 50 Lakh – CSK
  • Joe Root – Unsold
  • Rilee Rossouw – Unsold

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...