සෑම් කරන් IPL ඉතිහාසය අලුත් කරද්දී තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු වාර්තාගත මිලකට අලෙවි වෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට එංගලන්තයේ සෑම් කරන් අද (23) අලෙවි වුණා.

ඒ, මේ වන විට කෝචි හී දී පැවැත්වෙන 2023 අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී යි.

එහිදී ඔහුව මිලදී ගනු ලැබුවේ පංජාබ් කිංග්ස් කණ්ඩායම විසිනුයි. ඒ, ඉන්දීය රුපියල් කෝටි 18.50 ක මිලකටයි.

විශේෂත්වය වූයේ ඔහු අලෙවි වීමෙන් සුළු වේලාවකට පසුව ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් ද වාර්තාගත මිලකට අලෙවි වීමයි.

ඔහුව ඉන්දීය රුපියල් කෝටි 17.5 කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

එම මුදල ඉතිහාසගත වුණේ අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ දෙවැනි ඉහළම වටිනාමක ලෙසයි.

මේ අතර, එංගලන්තයේ බෙන් ස්ටොක්ස් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් වාර්තාගත මිලකට මිලදී ගැනීමට අද සමත් වුණා.

ඔහු අලෙවි වුණේ ඉන්දීය රුපියල් කෝටි 16.25 ක මිලකටයි. එය අයි.පී.එල් ඉතිහාසයේ දී චෙන්නායි කණ්ඩායම විසින් වැඩිම මිලකට ක්‍රීඩකයෙකු මිලදී ගත් අවස්ථාව බවට ද පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...