ෆැල්කන්ස් තරගාවලියෙන් ඉවතට ; ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව ස්ටාර්ස් අවසන් තරගයට

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමේ සියලු බලාපොරොත්තු සුන් කරමින් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Qualfier 2) ෆැල්කන්ස් පිල පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ අනුව ෆැල්කන්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, හෙට(23) පැවැත්වෙන අවසන් මහා තරගය සදහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කලම්බු ස්ටාර්ස් කණ්ඩායම තරග කිරීමට නියමිතයි.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ස්ටාර්ස් පිල වෙනුවෙන් චරිත් අසලංක පන්දු 40 කින් ලකුණු 64 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 38(33) ක් ලබා ගත්තා. රවී බොපාරා නොදැවී ලකුණු 29(16) ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 21(13) ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී කමිදු මෙන්ඩිස් ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත්තා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 2 ඉනිමේ පළමු පන්දුවාරයෙන්ම දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා. කමිදු මෙන්ඩිස් ලකුණු 23යි. අශේන් බණ්ඩාර ලකුණු 40 ක් රැස් කළා.

සටන්කාමී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග පන්දු 34 කින් නොදැවී ලකුණු 77 ක් රැස් කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 20 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...