බෙන් ඩකට්ගේ නොදැවුණු 82 පාකිස්තානයට පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් හිමි කර දෙයි

Date:

පාකිස්තානය සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් තරග 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(20) සමත් වුණා.

ඒ, කරච්චි හී දී පැවැති තෙවැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. පාකිස්තානය සිය රටේ දී මෙලෙස පූර්ණ තරගාවලි පරාජයක් ලැබූවේ ඉතිහාසයේ පළමු වරටයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ බෙන් ඩකට් නොදැවී ලබා ගත් ලකුණු 82 න් හා සැක් ක්‍රව්ලි වාර්තා කළ ලකුණු 42 න් ශක්තිමත් වෙමින්. නායක බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 35 යි. පන්දු යැවිමේ දී අබ්‍රාර් අහ්මඩ් කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 304 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 354 ක් රැස් කළා.

අනතුරුව පාකිස්තාන දෙවැනි ඉනිම ලකුණු 216 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ රෙහාන් අහ්මඩ් පාකිස්තාන දෙවැනි ඉනිමේ දී ලකුණු 48 කට කඩුලු 5 ක් දවා ගත්තා.

එංගලන්ත පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ හැරී බෘෘක් තරගයේ හා තරගාවලියේ වීරයා සම්මානවලින් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...