රෝහිට් ඩකා ටෙස්ට් තරගයෙනුත් ඉවතට

Date:

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් තරගය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය නායක රෝහිට් ෂර්මාට අහිමි වී තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක්දින තරගයේ දි ඔහුගේ ඇගිල්ලක සිදු වූ ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

එම ආබාධය නිසා ඔහුට තෙවැනි එක්දින තරගය මෙන්ම පළමු ටෙස්ට් තරගය ද අහිමි වුණා.

රෝහිට්ගේ ආබාධය සුව අතට හැරෙමින් පැවතුණ ද, ඉන්දීය කණ්ඩායම ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට හා නවසීලන්තයට එරෙහිව ද එක්දින හා 20යි 20 තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින්, ඔහුව අවධානමකට ලක් කිරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය මෙම අවස්ථාවේ දී කටයුතු නොකරනු ඇති.

එම තරගාවලි සදහා වන ඉන්දීය සංචිත මෙතෙක් නිවේදනය කර නැහැ.

රෝහිට් ෂර්මා වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයේ දී ද ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේ එල් රාහුල්ට පැවරී ඇති අතර, උප නායකයා ලෙස චෙටස්වර් පුජාරා කටයුතු කරනවා.

රෝහිට් ක්‍රීඩා නොකරන බැවින් දෙවැනි ටෙස්ට් තරගය සදහා ද ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාව ෂුබ්මන් ගිල් වෙත හිමිවනු ඇති.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය එළඹෙන 22 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...