නුවනිදුගේ ප්‍රහාරය ග්ලැඩියේටර්ස් අවසන් වටයට ගෙන යයි ; ජයගත් දඹුල්ල තරගාවලියෙන් ඉවතට

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (playoffs) සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

කෙසේ වෙතත්, තරගාවලිය යටතේ අද පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් දඹුල්ල ඕරා කණ්ඩායම හමුවේ ගාලු කණ්ඩායම පරාජයට පත් වූයේ කඩුලු 4කින්.

ප්‍රසාද ලකුණු සටහනට අනුව ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග 8 කින් තරග 2ක් ජය ගනිමින් සිව්වැනි ස්ථානය තහවුරු කර ගත් අතර, දඹුල්ල ඕරා කණ්ඩායම තරග 8කින් තරග 2 ක් ජය ගනිමින් හිමි කර ගත්තේ 5 වැනි හා අවසන් ස්ථානයයි.

දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ගාලු කණ්ඩායම ඉදිරියෙන් පසු වූ බැවිනුයි දඹුල්ල කණ්ඩායමට පළමු සිව් දෙනා අතරට පිවිසෙමින් අවසන් වටයේ ස්ථානයක් හිමි කර ගැනීමට නොහැකි වූයේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129 ක්.

සියලු පිතිකරුවන් පාහේ අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ නුවනිදු ප්‍රනාන්දු පන්දු 42 කින් නොදැවී ලකුණු 63 ක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මැතිව් ෆෝර්ඩ් ලකුණු 11 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ඕරා කණ්ඩායම පන්දුවාර 14.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. මැතිව් ෆෝර්ඩ් පන්දු 30 කින් ලකුණු 52 ක් රැස් කළ අතර, ජෝර්ඩන් කොක්ස් පන්දු 21 කින් ලකුණු 34 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර හා ඉමාඩ් වසීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දඹුල්ල කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම තරගයේ ජයග්‍රහනය පන්දුවාර 11.1 ක් තුළ දී වාර්තා කිරීමට අවශ්‍ය වූ නමුත්, ඔවුන්ට එය සාර්ථක කර ගත නොහැකි වූ බැවිනුයි ගාලු කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා යාමට නොහැකි වූයේ.

ඒ අනුව තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය එළඹෙන 21 වැනිදා පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) එදින රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

https://twitter.com/cricday96/status/1604891498830794753?t=koGgLPKhZRRVc2ntlyFMLw&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...