ස්ටාර්ස් පරදා කිංග්ස් කණ්ඩායම සිය 6 වැනි ජයත් වාර්තා කරයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 128 ක්.

දිනේෂ් චන්දිමාල් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 6යි. නිශාන් මදුෂ්ක ලකුණු 35 ක් ලබා ගත්තා. ඩොමිනික් ඩ්‍රෙක්ස් ලකුණු 38 යි. රවී බොපාරා ලකුණු 20 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී තිසර පෙරේරා හා ෂොයිබ් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 25 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2 ක් දැවී සිටියදීයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 40කින් ලකුණු 69 ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40 ක් ලබා ගත්තා. ගුර්බාස්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ඩොමිනික් ඩ්‍රෙක්ස් හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මූලික වටය අවසන් කළේ ක්‍රීඩා කළ තරග 8 න් තරග 6 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගනිමින්.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 8 න් ජය ගත් තරග ගණන 3ක්. කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් දෙකම අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...