අෆිෆ්ගේ අර්ධ ශතකය හා බිනුරගේ විශිෂ්ඨ පන්දු යැවීම කිංග්ස් පිලට ජය ගෙනෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(18) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 171 ක ඉලක්කයක් හඹා ගිය ගාලු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 58 ක් රැස් කළේ පන්දු 45 කින්. හයේ පහරක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 23 කටත්, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 22 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා. ජේම්ස් ෆුලර් හා විජයකාන්ත් වියස්කාන්ත් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 170 ක් ලබා ගනිමින්.

සිය මංගල එල් පී එල් තරගයට ක්‍රීඩා කළ අෆිෆ් හොසේන් පන්දු 35 කින් ලකුණු 54 ක් රැස් කළා. එක් හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

සධීර සමරවික්‍රම ලකුණු 32 ක් ද, නායක තිසර පෙරේරා ලකුණු 26 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී වහබ් රියාස් ලකුණු 37 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, නුවන් තුෂාර ලකුණු 31 කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...