දින දෙකක් තුළ පළමු ටෙස්ට් තරගය නිමා කරමින් ඔස්ට්‍රේලියාවට කඩුලු 6 ක ජයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින දෙකක් තුළ දී නිමා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(18) සමත් වුණා.

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට ලකුණු 34 ක ඉලක්කයක් පමණක් හිමි වූ අතර, ඔවුන් එය කඩුලු 4 ක් දැවී පසු කර ගියේ පළමු තරගයෙන් කඩුලු 6 ක ජයක් හිමි කර ගනිමින්.

උස්මාන් කවාජා ලකුණු 2කට දැවී ගියා. ඩේවිඩ් වෝනර් ලකුණු 3 ක් ලබා ගත් අතර, ස්ටීවන් ස්මිත් ලකුණු 6 යි. ට්‍රැවිස් හෙඩ් පළමු පන්දුවෙන්ම දැවී ගියා. මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 5 ක් රැස් කළා.

පන්දු යැවීමේදී දැවී ගිය කඩුලු හතරම දවා ගත්තේ කාගිසෝ රබාඩා. මෙම ඉනිමේ දී අතිරේක ලකුණු 19 ක් වාර්තා වීම ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහනය පහසු කළා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 152 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 218 ක්. ට්‍රැවිස් හෙඩ් ලකුණු 92 යි. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 4 ක් ද, මාර්කෝ ජන්සෙන් කඩුලු 3 ක් ද බිද හෙලුවා.

අනතුරුව දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 99ක් පමණයි. Khaya Zondo නොදැවී ලකුණු 36 ක් හා ටෙම්බා බවුමා ලකුණු 29 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක පැට් කමින්ස් ලකුණු 42 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...