බංග්ලාදේශය පරදා ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව අභිබවා යයි

Date:

බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 188 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(18) සමත් වුණා.

මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වූ ඉන්දියාව මේ වන විට තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත්තේ මෙතෙක් තෙවැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට ඇදදමමින්.

Chattogram හි පැවැති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 513 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 272 ක්. කෙසේ වෙතත්, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 324 ක් පමණයි.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සාකීර් හසාන් ලකුණු 100 ක් ලබා සිටියදී දැවී ගියා. ශකිබ් අල් හසාන් ලකුණු 84 යි.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් කඩුලු 4 ක් දවා ගත් අතර, කුල්දීප් යාදව් කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 404 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 150 ක් පමණයි. අනතුරුව ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...