Watch : 300 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ස්ටක් යොමු කළ සුපිරි පන්දුව

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් සිය 300 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට අද(18) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමග බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ රසී වැන් ඩර් ඩුසේන්ගේ කඩුල්ල දවා ගනිමිනුයි ඔහු සිය 300 වැනි ටෙස්ට් කඩුල්ල බිද හෙලීමට සමත් වුණේ.

දැවී යන විට වැන් ඩර් ඩුසේන් ලකුණු රැස් කිරීම ආරම්භ කර තිබුණේ නැහැ.

මිචෙල් ස්ටක් ඉතිහාසගත වුණේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 300 ක් දවා ගත් 7 වැනි පන්දු යවන්නා ලෙසයි.

2011 වසරේ දී තමා ටෙස්ට් වරම් දිනා ගත් ක්‍රීඩාංගනයේ දී ම ඔහු සිය 300 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

එමෙන්ම ඔහු මෙම කඩුල්ල දවා ගත්තේ පිතිකරුවා තුළට දෝලනය කරන සුපුරුදු පන්දුව යොමු කරමින් වීම ද කැපී පෙනුණා. එහිදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි වැන් ඩර් ඩුසේන්ට සිය කඩුල්ල අහිමි වුණේ. (දර්ශන පහතින්)

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 152 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 218 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...