Watch : පිට පිට 4 වැනි වරටත් දික්වැල්ල එකම විදිහට දැවී ගිය හැටි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය අද (17) රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටාර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ද අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගියේ තරගයේ දෙවැනි පන්දුවේ දී යි.

ඒ, ඉසුරු උදාන යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දික්වැල්ල අද තරගය ද ඇතුළත්ව අවසන් ඉනිම් හතර තුළ දී පිළිවෙලින් ලකුණු වාර්තා කර ඇත්තේ 0, 0, 2, 0 ක් වශයෙන්.

මෙම අවස්ථා 4 තුළ දී ම ඔහු දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් වීම ද කැපී පෙනෙනවා.

අද දිනයේ දී දික්වැල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...