ශෙවෝන් – කොක්ස් සුපිරි ප්‍රහාරය දඹුල්ලට පළමු ජය හිමි කර දෙයි

Date:

පිට පිට ලැබූ තරග 5 ක පරාජයන් පසුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට දඹුල්ල ඕරා කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, තරගාවලියේ කොළඹ අදියර ආරම්භ කරමින් පැවැති තරගාවලියේ 15 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 48 ක ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 179 ක ඉලක්කයක් හඹා ගිය ගාලු කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

ලහිරු උදාර ලකුණු 32 ක්, අසාඩ් ශෆික් ලකුණු 28 ක් හා ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 21 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සිකන්ඩ රාසා ලකුණු 5 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඕරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 178 ක් ලබා ගනිමින්.

පළමු කඩුල්ල සදහා ලකුණු 163 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ශෙවෝන් ඩැනියල් හා ජෝර්ඩන් කොක්ස් සමත් වුණා.

එය එල් පී එල් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවයයි.

ඩැනියල් ලකුණු 80 ක් රැස් කළේ පන්දු 55 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. කොක්ස් ලකුණු 77 (58) කට දැවී ගියා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...