සාකීර්ගේ මංගල ශතකය පසෙකළා ඉන්දියාව ජයග්‍රහනයට ළගා වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(17) නිමා වුණේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය අවසන් වන විට තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 513 ක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශය කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 272 ක්.

ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 241 ක් රැස් කළ යුතු අතර, ඉන්දියාවට තරගය ජය ගැනීම සදහා තවත් දවා ගත යුත්තේ කඩුලු 4 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුල්ල සදහා නජ්මුල් හොසේන් හා සාකිර් හසාන් ලකුණු 124 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

නජ්මුල් ලකුණු 67 කට දැවී ගිය අතර, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සාකීර් ලකුණු 100 ක් ලබා සිටියදී දැවී ගියා.

නායක ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 40 ක් ද, මෙහිදි හසාන් නොදැවී ලකුණු 9 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 50 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Chattogram හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 404 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 150 ක් රැස් කළා.

අනතුරුව ඉන්දියාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 2 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටියදීයි. ෂුබ්මන් ගිල් ලකුණු 110 ක් හා චෙටස්වර් පුජාරා ලකුණු 102 ක් රැස් කරමින් ඉන්දීය දෙවැනි ඉනිම ශක්තිමත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...