ඇන්ඩර්සන් ඓතිහාසික 600 වැනි කඩුල්ල ලබාගත්තේ මෙහෙමයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සිය 600 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට අද(25) සමත් වුණා.

ඒ, පාකිස්තානය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේදීයි.

එහිදී පාකිස්තාන දෙවැනි ඉනිමේදී ලකුණු 31 ක් ලබා සිටි නායක අසාර් අලීගේ කඩුල්ල දවා ගනිමින් ඇන්ඩර්සන් සිය කඩුලු 600 සම්පූර්ණ කළා.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 600 සීමාවට ළඟාවු ලොව සිව්වන පන්දු යවන්නා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.

මීට පෙර එම කඩඉම පසුකර යාමට සමත්ව සිටියේ මුත්තයියා මුරලිදරන්, ශේන් වෝර්න් හා අනිල් කුම්බ්ලේ පමණයි.

ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600ක් දවා ගත් ලොව පළමු වේග පන්දු යවන්නා ලෙසට ද අද ඉතිහාසගත වුණා.

ඔහු සිය 600 වැනි කඩුල්ල දවා ගත් අයුරු –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...