දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා තමා ක්‍රීඩා කරන බව ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් අද(16) තහවුරු කළා.
ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.
කමින්ස් කණ්ඩායමට පැමිණීම හේතුවෙන් මයිකල් නෙසර්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙනවා.
කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා සැසදීමේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා සිදු කර ඇති එකම වෙනස්කම එයයි.
ඒ අනුව ස්කොට් බෝලන්ඩ් ද කණ්ඩායමේ ස්ථානය රැක ගෙන ඇති අතර, පළමු ටෙස්ට් තරගයේ දී කමින්ස්, බෝලන්ඩ්, මිචෙල් ස්ටක්, කැමරන් ග්‍රීන් (තුන් ඉරියව්) හා නේදන් ලයන් යන ක්‍රීඩකයින් පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට(17) බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
Australia XI:
David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey (wk), Pat Cummins (c), Mitchell Starc, Nathan Lyon, Scott Boland

