සංචාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(14) Chattogram හී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 278 ක්.
ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 48 දී බිද වැටුණා. ෂුබ්මන් ගිල් ලකුණු 20 කට දැවී ගිය අතර, නායක කේ එල් රාහුල් ලකුණු 22 ක් රැස් කළා. විරාට් කෝලි පන්දු 5 කින් වාර්තා කළේ එක් ලකුණක් පමණයි.
අනතුරුව රිෂාබ් පාන්ට් සිය සුපුරුදු වේගවත් ප්‍රහාරය එල්ල කරමින් පන්දු 45 කින් ලකුණු 46 ක් ලබා සිටියදී දැවී ගියා. චෙටස්වර් පුජාරා ලකුණු 90 ක් ලබා ගත් අතර, අක්සාර් පටෙල් ලකුණු 14 යි. ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 82 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 3 ක් ද, මෙහිදි හසාන් කඩුලු 2 ක් ද බිද හෙලුවා.
පළමු දිනයේ දී බංග්ලාදේශ පන්දු රකින්නන් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී යාම විශේෂත්වයක්.
— MAHARAJ JI (@MAHARAJ96620593) December 14, 2022

