කේන් විලියම්සන් තනතුරක් අත්හරියි

Date:

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට කේන් විලියම්සන් පියවර ගෙන තිබෙනවා.

වසර 6ක කාලයක් එම ධූරයේ කටයුතු කිරීමෙන් පසුවයි විලියම්සන් මෙලෙස ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව එළඹෙන පාකිස්තාන තරග සංචාරයේ දී නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ටිම් සවුතිට පැවරී තිබෙනවා.

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කේන් විලියම්සන් 2021 වසරේ දී අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය ජය ගැනීම සදහා ද සිය කණ්ඩායමට මග පෙන්වනු ලැබුවා.

ටෙස්ට් නායකත්වයෙන් සමුගත්ත ද, ඔහු තවදුරටත් එක්දින හා 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම 32 හැවිරිදි කේන් විලියම්සන් ඉදිරියේදීත් තරග රටා ත්‍රිත්වයම ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

බ්‍රෙන්ඩන් මැකලම්ගෙන් පසුව 2016 වසරේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ විලියම්සන් ටෙස්ට් තරග 40 කදී සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

එහිදී තරග 22 ක් ජය ගත් නවසීලන්තය තරග 10 ක් පරාජයට පත් වුණා. තරග 8ක් අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

ටෙස්ට් නායකයා ලෙස කේන් විලියම්සන් නවසීලන්තය වෙනුවෙන් ශතක 11 ක් වාර්තා කර ඇති අතර, නායකයා ලෙස ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 57 ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...