Watch : ලහිරුගේ ඉනිම නිමා කළ දික්වැල්ලගේ සුපිරි උඩ පන්දුව

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද(13) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රී 7.30ට ආරම්භ වූ තරගයේ දී යි දික්වැල්ල මෙම සුවිශේෂී උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ගාලු පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් ලබා ගනිමින්.

කුසල් මෙන්ඩිස් පන්දු 49 කින් ලකුණු 72 ක් රැස් කළ අතර, අසාඩ් ශෆික් පන්දු 33 කින් ලකුණු 58 ක් ලබා ගත්තා. තනුක දාබරේ ලකුණු 33(22) යි.

පන්දු 14 කින් ලකුණු 24 ලබා පන්දුවට පහර දෙමින් සිටි ලහිරු උදාරගේ කඩුල්ල දවා ගැනීම සදහායි නිරෝෂන් දික්වැල්ල සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.

කසුන් රාජිත යොමු කළ පන්දුවක් හමුවේයි ලහිරු උදාර දැවී ගියේ.

එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...