ටෙස්ට් තරගාවලිය හෙටින් ඇරඹේ ; ශකිබ් තවමත් අවිනිශ්චිතයි

Date:

ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට(14) Chattogram හී දී ආරම්භ වනවා.

තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් හෙට පෙරවරු 9 ට ආරම්භ කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා නොකරන අතර, ආබාධ හේතුවෙන් මොහමඩ් ෂාමි හා රවීන්ද්‍ර ජඩේජා ද ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ජස්ප්‍රිට් බුම්රා ද තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, කේ.එල් රාහුල් පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

මේ වන විට අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාවට පහතින් සිව්වැනි ස්ථානයේ රැදී සිටින ඉන්දියාවට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම ටෙස්ට් තරගාවලියේ ජය අතිශය වැදගත්.

මේ අතර, එක්දින තරගාවලිය අතරතුර දී උම්රාන් මලික් යොමු කළ පන්දුවක් ශරීරයේ වැදීමෙන් ආබාධයකට ලක් වූ ශකිබ් අල් හසාන්ට හෙට තරගයට ක්‍රීඩා කළ හැකිදැයි මෙතෙක් අවසන් වශයෙන් තීරණයකට එළඹ නැහැ.

ආබාධයකට ලක්ව සිටි ටස්කින් අහ්මඩ් මෙම ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...