LPL තරගාවලිය නොවැම්බර් 15? කණ්ඩායම් පහේ අලුත් නම් මෙන්න

Date:

මෙවර පළමුවරට සංවිධාන කිරීමට නියමිත එල්.පී.එල් හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 15 වනදාත් දෙසැම්බර් 7 වනදාත් අතර කාලයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

Daily mirror පුවත්පත වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සදහන් කර ඇත්තේ අයි.පී.එල් තරගාවලියට එක් වන ප්‍රබල ක්‍රීඩකයින් ද එල්.පී.එල් තරගාවලියට එක් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරග 3ක් ද කොරෝනා වසංගතය හේතුවෙන් පවත්වා අවසන් කිරීමට නොහැකි වී ඇති බැවින් එම තරග ද නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම තරග හේතුවෙන් එල්.පී.එල් තරගාවලියට බලපෑමක් ඇති නොවීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමගින් සාකච්ඡා පවත්වන බව ද රවීන් වික්‍රමරත්න මහතා සදහන් කළා.

තරගාවලියට එක් වන ක්‍රීඩකයින් තෝරා ගැනීම සැප්තැම්බර් මස මුලදී සිදු කෙරෙනු ඇති.

එල්.පී.එල් තරගාවලිය සදහා දේශීය කණ්ඩායම් 5ක් එක් වන අතර, එම කණ්ඩායම් Dambulla Hawks, Galle Dolphins, Jaffna Cobras, Colombo Lions සහ Kandy Tuskers යනුවෙන් නම් කර ඇති බව වාර්තා වනවා.

එල්.පී.එල් තරගාවලිය එළඹෙන 28 වනදා ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද, එය කල් දැමීමටයි පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...