ඉන්දීය ටෙස්ට් සංචිතයට වෙනස්කම් කිහිපයක්

Date:

නව්දීප් සයිනි, ජයිදේව් උනඩ්කට්, සෞරාබ් කුමාර් හා අභිමන්යු ඒස්වරන් බංග්ලාදේශයට එරෙහි ඉන්දීය ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

දෙවැනි එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ රෝහිට් ෂර්මාට පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බැවින් ඔහු වෙනුවටයි අභිමන්යු ඒස්වරන් පළමු ටෙස්ට් තරගය සදහා ඉන්දීය සංචිතයට නම් කර ඇත්තේ.

දෙවැනි ටෙස්ට් තරගය සදහා ෂර්මාට ක්‍රීඩා කළ හැකි දැයි මෙතෙක් අවසන් වශයෙන් තීරණයකට එළඹ නැහැ.

මේ අතර, ආබාධවලට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි හා තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් ඔවුන් දෙදෙනාට ද ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවටයි සයිනි හා කුමාර් ටෙස්ට් සංචිතයට ආදේශ කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය Chattogram හී දී හෙට (14) ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය දෙසැම්බර් 22 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

India’s updated squad for Bangladesh Tests:

KL Rahul (C), Shubman Gill, Cheteshwar Pujara (VC), Virat Kohli, Shreyas Iyer, Rishabh Pant (WK), KS Bharat (WK), Ravichandran Ashwin, Axar Patel, Kuldeep Yadav, Shardul Thakur, Mohd. Siraj, Umesh Yadav, Abhimanyu Easwaran, Navdeep Saini, Saurabh Kumar, Jaydev Unadkat

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...