ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ සිය බලපොරොත්තු තවදුරටත් ඉහළ නංවා ගැනීමට ඔස්ට්‍රේලියාව අද(11) සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් වීමත් සමගයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ඔස්ට්‍රේලියාව හිමි කර ගෙන ඇත්තේ 75% ක ජයග්‍රහන ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.

60% ක ජයග්‍රහනය ප්‍රතිශතයක් හිමිව ඇති දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලියක් මෙම සතියේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේ ප්‍රතිපලය මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ප්‍රසාද ලකුණු සටහනට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇති.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවේ දී ද ටෙස්ට් තරගාවලියක් ලබන වසරේ දී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත්, සිව්වැනි ස්ථානය ඉන්දියාවටත් හිමිව තිබෙනවා.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...