කිෂන්ගේ ද්විත්ව ශතකය හා කෝලිගේ ශතකය ඉන්දියාවට දැවැන්ත ජයක් ගෙනෙයි

Date:

ඉෂාන් කිෂන් වාර්තා කළ වේගවත් ද්විත්ව ශතකය හා විරාට් කෝලි වාර්තා කළ අනර්ඝ ශතකය හමුවේ බංග්ලාදේශය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 227 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(10) සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 409 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ කඩුලු 8ක් දැවී සිටියදී යි.

එක්දින ජාත්‍යන්තර තරගයක පිතිකරුවෙකු වාර්තා කළ 9 වැනි ද්විත්ව ශතකයේ හිමිකරු බවට පත් වෙමින් ඉෂාන් කිෂන් ලකුණු 210 ක් රැස් කළේ පන්දු 131 ක් පමණක් වැය කරමින්. හයේ පහර 10 ක් හා හතරේ පහර 24 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

2019 වසරෙන් පසුව එක්දින ශතකයක් වාර්තා කළ විරාට් කෝලි ලකුණු 113 කට දැවී ගියා. පන්දු 91 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 11 ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ්, එබඩොට් හොසේන් හා ශකිබ් අල් හසාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 34 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.

ශකිබ් අල් හසාන් ලකුණු 43 ක්, ලිටොන් දාස් ලකුණු 29 ක් හා යසීර් අලී ලකුණු 25 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අක්සාර් පටෙල් හා උම්රාන් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...