පල්ලේකැලේ පැවැත්වෙන LPL තරග නැරඹීමට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක්කේ මෙහෙමයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද(10) සිට පැවැත්වෙන තරග නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව බලගොල්ල අභිත ක්‍රීඩාංගයෙන් ඕනෑම දිනයකදී පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

10 වැනිදා සහ 11 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා කාලය තුළ දී “කැන්ඩි සිටි සෙන්ටර්” හී දී ද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා.

එමෙන්ම Daraz ( https://click.daraz.lk/e/_6gJbD ) ඔස්සේ ද අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ප්‍රවේශ පත්‍ර රුපියල් 500, 2,000, 3,000 හා 5,000 යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.

මහනුවර දී පැවැත්වෙන පළමු තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...