දෙවැනි දිනයේ දී කිංග්ස් හා ෆැල්කන්ස් කණ්ඩායම්වලට ජය

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (7) පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් හා කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් සමත් වුණා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ දඹුල්ල අවුරා හා ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්.

තෙවැනි තරගය

තරගාවලියේ තෙවැනි තරගය අද පස්වරුවේ ජැෆ්නා කිංග්ස් හා දඹුල්ල අවුරා යන කණ්ඩායම් අතර හම්බන්තොට දී පැවැති අතර, එම තරගයෙන් කිංග්ස් පිල ජය වාර්තා කළේ කඩුලු 9කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 121 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 26 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී ඔවුන් ජයග්‍රහනය තහවුරු කර ගත්තේ අවිශ්ක ප්‍රනාන්දු (පන්දු 49 කින් ලකුණු 51 ක්) හා සධීර සමරවික්‍රම (පන්දු 44 කින් ලකුණු 62* ක්) වාර්තා කළ අර්ධ ශතකවලින් ශක්තිමත් වෙමින්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 118 ක්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ජෝර්ඩන් කොක්ස් පන්දු 22 කින් ලකුණු 43 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා. විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 24 ක් ලබා දෙමින්.

සිව්වැනි තරගය

හම්බන්තොට පැවැති තරගාවලියේ සිව්වැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හමුවේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් වූයේ කඩුලු 5 කින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.

ඔවුන්ගේ 5 වැනි කඩුල්ල ලකුණු 28 දී බිද වැටුණු අතර, අනතුරුව 6 වැනි කඩුල්ල ද කඩිනමින් දවා ගැනීමට ෆැල්කන්ස් කණ්ඩායමට අවස්ථා රැසක් ලද නමුත්, ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.

එහි ප්‍රතිපලයක් ලෙස 6 වැනි කඩුල්ල සදහා ලකුණු 65(61) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට ඉමාඩ් වසීම් හා මොවින් සුබසිංහ සමත් වුණා.

සුබසිංහ ලකුණු 40 කටත්, වසීම් ලකුණු 34 කටත් දැවී ගියා. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 14යි.

පන්දු යැවීමේ දී කාර්ලස් බ්‍රැත්වෙයිට් ලකුණු 14 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කමිදු මෙන්ඩිස් ලකුණු 44 ක් රැස් කළ අතර, පැතුම් නිස්සංක ලකුණු 22කටත්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 20කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 34 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...