Watch : චාමික කරුණාරත්න දරුණු අනතුරකට මුහුණ දුන් අයුරු

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට හම්බන්තොට දී පැවැත්වෙන සිව්වැනි තරගයේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අනතුරකට මුහුණ දුන්නා.

පන්දු රකිමින් සිටියදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී යි ඔහු මෙලෙස අනතුරකට මුහුණ දුන්නේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 121 ක් ලබා ගත්තා.

එම ඉනිමේ දී නුවනිදු ප්‍රනාන්දුගේ කඩුල්ල දවා ගැනීම සදහා උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී යි චාමිකගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදු වුණේ.

අනතුරෙන් ඔහුගේ දත් කිහිපයක් කැඩී යාමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුව වහාම ශල්‍යකර්මයකට ලක් කිරීම සදහා ගාල්ල ප්‍රදේශයේ රෝහලක් වෙත යොමු කර ඇති බව සදහන්.

අනතුර සිදු වූ අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...