රෝහිට්ගේ සටන අපතේ යයි ; තියුණු තරගයකින් පසු බංග්ලාදේශය එක්දින තරගාවලිය ජය ගනියි

Date:

මෙහිදි හසාන් මිරාස් වාර්තා කළ සුපිරි ශතකය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 5 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම (2-0) ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(7) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 271 ක් ලබා ගත්තේ ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 69 දී බිද වැටුණු පසුබිමකයි.

අනතුරු මහ්මුදුල්ලාහ් හා මෙහිදි හසාන් 7 වැනි කඩුල්ල සදහා ලකුණු 148 (165) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. මහ්මුදුල්ලාහ් ලකුණු 77 (96) කට දැවී ගියා.

මෙහිදි හසාන් පන්දු 83 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 100 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. අංක 8 හෝ ඊට පහතින් පිටියට පිවිසි පිතිකරුවෙකු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී වාර්තා කළ සම ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද එය වාර්තා අතරට එක් වුණා.

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා. මොහමඩ් සිරාජ් හා උම්රාන් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 266 ක් පමණයි.

පන්දු රැකීමේ දී ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් රෝහිට් ෂර්මා මෙම තරගයේ දී ඉන්දීය ඉනිම ආරම්භ නොකළ අතර, විරාට් කෝලි හා ශිකර් ධවාන් ඉනිම ආරම්භ කළා.

කෝලි ලකුණු 5 කටත්, ධවාන් ලකුණු 8 කටත් දැවී ගියා. වොෂින්ටන් සුන්දර් ලකුණු 11 යි. කේ එල් රාහුල් ලකුණු 14 කට දැවී ගියා. ෂ්රෙයස් අයියර් ලකුණු 82 ක් හා අක්සාර් පටෙල් ලකුණු 56 ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිමට යම් ශක්තියක් ලබා දුන්නා.

ආබාධයක් ද සහිතව අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක රෝහිට් ෂර්මා පන්දු 28 කින් නොදැවී ලකුණු 51 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට අවසන් පන්දුව දක්වා උත්හාස කළ නමුත් එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී එබඩොට් හොසේන් කඩුලු 3 ක් දවා ගත් අතර, මෙහිදි හසාන් හා ශකිබ් අල් හසාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...