මෙහිදිගේ සුපිරි සටන්කාමී ඉනිම ඉන්දියාවට අවමන් සහගත පරාජයක් හිමි කර දෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(4) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 187 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 46 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඔවුන්ගේ 9 වැනි කඩුල්ල ලකුණු 136 දී බිද වැටුණු පසුබිමක මෙම ජයග්‍රහනය වාර්තා කිරීම විශේෂත්වයක්.

අවසන් කඩුල්ල සදහා මෙහිදි හසාන් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 51 ක නොබිදුණු සබදතාවයක් පිහිටුවමින් බංග්ලාදේශයට සුපිරි ජයක් හිමි කර දුන්නා.

මෙහිදි හසාන් නොදැවී ලකුණු 38 යි. ලිටොන් දාස් ලකුණු 41 ක් ද, ශකිබ් අල් හසාන් ලකුණු 29 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත් අතර, කුල්දීප් සෙන් හා වොෂින්ටන් සුන්දර් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 41.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි.

කේ. එල් රාහුල් ලකුණු 73 ක් රැස් කළ අතර, රෝහිට් ෂර්මා ලකුණු 27 ක් හා ෂ්රෙයස් අයියර් ලකුණු 24 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 36 කට කඩුලු 5 ක් දවා ගත් අතර, එබඩොට් හොසේන් ලකුණු 47 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

මේ අතර, ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ඉන්දීය එක්දින සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...