වනිදු හසරංගට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට දඩුවම් පැනවීමක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් ඔහු විසින් සිදු කර ඇති බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.

“ජාත්‍යන්තර තරඟයකදී විනිසුරුගේ තීරණයකට විරුද්ධත්වය පෙන්වීම” යන 2.8 වගන්තිය වනිදු විසින් උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් නියම කර ඇති බවත් අයි.සී.සී ය සදහන් කළා.

ඊට අමතරව වනිදුට එරෙහිව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා.

හසරංග විසින් සිය වරද හා තරග තීරක රංජන් මඩුගල්ල මහතා විසින් ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

මෙම තරගයේ දී ලකුණු 77 ක් රැස් කළ නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 27 ක් ලබා සිටියදී වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවෙකු ලෙස පිටියේ විනිසුරු විසින් නම් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පිතිකරු විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එම තීරණය අභියෝගයට ලක් කළ අතර, එහිදී තෙවන විනිසුරු විසින් ඔහු දැවී නොගිය අයෙකු ලෙසයි නම් කළේ.

Watch : තෙවන විනිසුරුගේ ආන්දෝලනාත්මක තීරණය

එම තීරණයට වනිදු හසරංග දැඩි අප්‍රසාදය පල කරනු දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...