කැපිටල්ස් කණ්ඩායමෙන් දසුන්ට තනතුරක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගයට (International League T20) (ILT20) ක්‍රීඩා කරන ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා හා උප නායකයා අද (30) නිවේදනය කෙරුණා.

ඒ අනුව එම කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මත පිතිකරු රොව්මන් පවෙල්.

ඩුබායි කණ්ඩායම් උප නායකයා ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පත් කර තිබෙනවා.

තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ඩුබායි කැපිටල්ස් හා අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ ඩුබායි හී දී යි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන චරිත් අසලංක නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා ද, දසුන් ශානකට අමතරව භානුක රාජපක්ෂ හා දුෂ්මන්ත චමීර ඩුබායි කණ්ඩායම සදහා ද, වනිදු හසරංග Desert Vipers කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...