Watch : හස්රටුල්ලාහ් හා ඉෆ්ටිකාර් ඉසුුරු උදානට ගොදුරු වූ හැටි

Date:

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය අද(27) අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

ඒ, Bangla Tigers කණ්ඩායම හා Northern Warriors කණ්ඩායම අතරයි. එම තරගයෙන් Northern Warriors කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Tigers කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 117 ක් ලබා ගත්තා.

එවන් ලුවිස් නොදැවී ලකුණු 38(15)ක් හා හස්රටුල්ලාහ් සසායි ලකුණු 37(21) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන ලකුණු 21 ක් ලබා දෙමින් බිද හෙලූ කඩුලු ගණන 2ක්.

උදානගේ පන්දු හමුවේ දැවී ගියේ හස්රටුල්ලාහ් සසායි හා ඉෆ්ටිකාර් අහ්මඩ්. (දර්ශන පහතින්)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Warriors කණ්ඩායම පන්දුවාර 9.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක රොව්මන් පවෙල් හයේ පහර 9ක් ද සමගින් පන්දු 28 ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 76 ක් ලබා ගැනීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 20 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...