දෙවරක් අහිමි වූ කුසලානය අරගන්න පිටියට එන ග්ලැඩියේටර්ස් සංචිතය මෙන්න

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ද ප්‍රබල සංචිතයක් සමග මෙවර තරග බිමට පිවිසෙනවා.

පසුගිය තරග වාර ද්විත්වයේ දී ම අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ ගාලු කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ කෙසේ හෝ පළමු වරට එල් පී එල් ශූරතාවය ජය ගැනීමේ අරමුණින්.

සෙසු සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් 22 දෙනෙකු බැගින් වන සංචිත මේ වන විට සකස් කර ගෙන ඇතත්, ග්ලැඩියේටර්ස් සංචිතයට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 20 දෙනෙකු පමණයි.

ජූලි 5 වැනිදා පැවැති ක්‍රීඩක කෙටුම්පත කිරීමේ අවස්ථාවෙන් (Draft) අනතුරුව සකස් වී තිබූ ගාලු සංචිතය හා වත්මන් සංචිතය සැසදීමේ දී ධනුශ්ක ගුණතිලක (පැනවූ ක්‍රිකට් තහනම හා නඩු කටයුතු හේතුවෙන්) සහ දුෂ්මන්ත චමීර (ආබාධය හේතුවෙන්) වෙනුවට කුසල් ජනිත් පෙරේරා හා නුවන් ප්‍රදීප් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසන් වන විට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් සිය සංචිතයට තෝරා ගෙන තිබූ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනා වූයේ පාකිස්තානයේ ඉමාඩ් වසීම්, ෆහීම් අශ්රෆ්, අසාම් ඛාන්, සර්ෆරාස් අහ්මඩ්, දකුණු අප්‍රිකාවේ ජනෙමන් මලාන් හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශෙර්ෆේන් රදර්ෆර්ඩ් යන ක්‍රීඩකයින්.

කෙසේ වෙතත්, මේ වන විට එම සංචිතය සදහා ජනෙමන් මලාන්, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් හා ෆහීම් අශ්රෆ් ඇතුළත්ව නැහැ.

එල්.පී.එල් තරගාවලියේ තෙවැනි අදියර දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

GALLE GLADIATORS SQUAD :

  1. Kusal Mendis
  2. Kusal Janith Perera
  3. Nuwan Pradeep
  4. Lakshan Sandakan
  5. Nuwan Thushara
  6. Nuwanidu Fernando
  7. Nimesh Vimukthi
  8. Pulina Tharanga
  9. Movin Subasinghe
  10. Nipun Malinga
  11. Sachindu Colombage
  12. Lakshan Gamage
  13. P. H. Tharindu Kaushal
  14. Sammu Ashan

Overseas Player

  1. Imad Wassim
  2. Iftikhar Ahamed
  3. Mohammad Hasnain
  4. Sarfaraz Ahmed
  5. Azam Khan
  6. Anwar Ali

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...