Watch : පියාගේ අඩි පාරේ යන චන්දර්පෝල්ගේ පුත්‍රයාගෙන් ඔස්ට්‍රේලියාවේ දී සුපිරි ශතකයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවැත්වෙන සිව්දින පුහුණු ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(25).

Prime Minister’s XI කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේ දී කොදෙව් හිටපු සුපිරි පිතිකරු ශිව්නරීන් චන්දර්පෝල්ගේ පුත් Tagenarine Chanderpaul විසින් පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කරමින් මෙම තරග සංචාරයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීම සදහා වැඩි අවස්ථාවක් මේ වන විට උදා කර ගෙන තිබෙනවා.

26 හැවිරිදි ඔහු කොදෙව් ඉනිම ආරම්භ කරමින් ලකුණු 119 ක් රැස් කළේ පන්දු 293කින්. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 13 ක් ඇතුළත්.

කැන්බරා හී දී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් Prime Minister’s XI කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 322 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 235 ක්.

මේ අතර, ශිව්නරීන් චන්දර්පෝල් හා ඔහුගේ පුත් Tagenarine Chanderpaul පිතිකරණයේ නිරත වීමේ දී එල්ල කරන පහරවල්වල සමානකම් ඇතුළත් වීඩියෝවක් cricket.com.au වෙබ් අඩවිය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පල කර තිබෙනවා. (පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...