වෝර්න්ගෙන් පස්සෙ මම වනිදු දිහා හොදට බැලුවා, කඩුලු සැමරුමේ රහසත් වනිදු : කාර්තික්

Date:

කාර්තික් මෙයියප්පන් යනු ඔස්ට්‍රේලියාවේ දී නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී වාර්තා අතරට එක් වූ පන්දු යවන්නෙක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියෝජනය කරන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමිනුයි එලෙස වාර්තා අතරට එක් වුණේ.

භානුක රාජපක්ෂ, චරිත් අසලංක හා දසුන් ශානකගේ කඩුලු දවා ගනිමින් මෙයියප්පන් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා.

කාර්තික් මෙයියප්පන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද මීට පෙර අවස්ථා කිහිපයකදී දැල් පන්දු යවන්නෙකු ලෙස සම්බන්ධ වී සිටියා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් වෙනුවෙනුයි.

එහිදී ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමග එක්ව පුහුණුවීමේ අවස්ථාව ද මෙයියප්පන්ට හිමිව තිබුණා.

“මම අවධානය යොමු කරගෙන හිටපු කෙනෙක් තමයි ෂේන් වෝන් කියන්නේ. ඒත් පසුව මම වනිඳු දිහා හොඳට බලාගෙන හිටියා.” යනුවෙන් 22 හැවිරිදි කාර්තික් මෙයියප්පන් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන කර තිබෙනවා.

“අපි පන්දු යවන ආකාරය සහ විලාසය සමානයි. ඒ නිසා මම ඔහුගේ පන්දු යැවීමෙන් ගොඩක් දේවල් ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ එකපාරටම මම එයා කඩුලු සමරන විදියට සමරන්න පටන් ගත්තා. මම ඒ විදිහට කඩුලු සමරන්න පටන් ගත්තේ වනිදු නිසා – නෙයිමාර් නිසා නෙවෙයි. ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසුව පවා මම ඔහුට කීවේ මම ඔහුගේ සැමරුම කොපි කරා කියලයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...