ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වෙනස්කම් කිහිපයක්

Date:

එක්දින හා 20යි 20 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට නවතම අයි.සී.සී එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය අහිමි වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් තරග 0-3 ක පූර්ණ තරගාවලි පරාජයක් ලැබීම හේතුවෙන්.

ඒ අනුව මෙතෙක් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ එංගලන්තය මේ වන විට දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර, නවසීලන්තය පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

එංගලන්තයට ශ්‍රේණිගත ලකුණු 113 ක් ද, නවසීලන්තයට ශ්‍රේණිගත ලකුණු 114 ක් ද හිමියි.

එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර එංගලන්තය පෙරමුණේ පසුවුණේ ශ්‍රේණිගත ලකුණු 119 ක් හිමි කර ගනිමිනුයි. කෙසේ වෙතත්, පිට පිට තරග 3ක් පරාජයට පත් වීමත් සමග ඔවුන්ට ශ්‍රේණිගත ලකුණු 6ක් අහිමි වී තිබෙනවා.

එංගලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහනයත් සමග ඔස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත්තේ පාකිස්තානය 5 වැනි ස්ථානයට ඇද දමමින්.

ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසුවන අතර, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව යන රටවල් දෙකම ශ්‍රේණිගත ලකුණු 112 බැගින් හිමි කර ගෙන සිටිනවා.

පාකිස්තානයට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 107 ක්. ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 92 ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...