ජොෆ්ර ආචර් SA20 තරගාවලියට ගිවිසුම්ගත වෙයි

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 තරගාවලිය සදහා ක්‍රීඩා කරන එම් අයි කේප් ටවුන් කණ්ඩායම විසින් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත එම් අයි කේප් ටවුන් කණ්ඩායම විසින් ආචර් සමග ගිවිසුම්ගත වී ඇත්තේ වයිල්ඩ්කාඩ් (wildcard) ක්‍රමවේදය යටතේයි.

ජොෆ්ර ආචර්ට SA20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් ද අවසර ලබා දී තිබෙනවා.

27 හැවිරිදි ජොෆ්ර ආචර්ට ආබාධවලට ලක්වීම හේතුවෙන් මේ වන විට මාස 17 ක පමණ කාලයක සිට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටිමටයි සිදුව ඇත්තේ.

කෙසේ වෙතත්, 2022 අයි.පී.එල් තරගාවලිය සදහා වූ ක්‍රීඩක වෙන්දේසියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ජොෆ්ර ආචර් මිලදී ගැනීමට කටයුතු කළා.

SA20 තරගාවලිය ජනවාරි 10 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...