ගැටලුකාරී තේරීම් නිසා ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමති තවමත් අනුමැතිය ලබා දී නැහැ

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සිකුරාදා (25) දිනයේ දී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ වීමට ඉතා ආසන්න වී තිබුණ ද, තරගාවලිය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය සංචිතයට හිමිව නොතිබීම ඊට හේතු වී ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

තරගාවලියට නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතය මේ වන විටත් මහනුවරට පැමිණ අවසන්.

අද පස්වරු කාලයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයෙන් ඉවත් කිරීම ඇතුළු ප්‍රශ්නකාරී තේරීම් කිහිපයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයට මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දී නැහැ.

නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී චාමික සැලකිය යුතු දක්ෂතා නොදැක්වුව ද, ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

මෙම ගැටළුව විසඳීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිළධාරීන් හා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව අද පස්වරුවේ දී රැස්වීමක් සඳහා කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වන බවයි newswire වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

Probable squad :

Dasun Shanaka (C), Pathum Nissanka, Kusal Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Dinesh Chandimal, Ashen Bandara, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Dananjaya Lakshan, Kasun Rajitha, Lahiru Kumara, Pramod Madushan, Asitha Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...