BPL Draft Update : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරා ගැනේ

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද(23) පෙරවරුවේ දී ආරම්භ වුණා.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සමග ගිවිසුම්ගත වීමටයි කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් කටයුතු කර තිබුණේ.

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරග 46ක් ඇතුළත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

කෙටුම්පත් කිරීමට පෙර ගිවිසුම්ගත වූ හා කෙටුම්පත් කිරීමේ දී මේ වන විට තෝරා ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

Chattogram Challengers : විශ්ව ප්‍රනාන්දු, අශාන් ප්‍රියන්ජන්

Dhaka Dominators : චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මුණවීර

Khulna Tigers : අවිශ්ක‍ ප්‍රනාන්දු, දසුන් ශානක

Rangpur Riders : ජෙෆ්රි වැන්ඩර්සේ, පැතුම් නිස්සංක

Sylhet Strikers : කමිදු මෙන්ඩිස්, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා

Fortune Barishal : කුසල් ජනිත් පෙරේරා, චතුරංග ද සිල්වා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...