පාකිස්තානය අසීරු තත්ත්වයකට ඇද වැටෙයි – Day 2 Report

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ(22) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 24ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියා.

ශාන් මසූඩ් ලකුණු 4කටත්, අබිඩ් අලී එක් ලකුණකටත්, බබාර් අසාම් ලකුණු 11කටත් දැවී ගියා.

නායක අසාර් අලී නොදැවී ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, පන්දු යැවීමේ දී ජෙම්ස් ඇන්ඩර්සන් දැවී ගිය කඩුලු තුනේම හිමිකරුවා බවට පත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 583ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රවුලි ලකුණු 267ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 34ක් සමගින්.

ඔහුට අගනා සහයක් ලබා දුන් ජොස් බට්ලර් ලකුණු 152ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර පස් වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 359ක්.

පන්දු යැවීමේ දී යසීර් ශාහ්, ශහීන් ෂාහ් අෆ්රිඩි සහ ෆවඩ් අලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව සවුත්හැම්ටන් හී දී පැවැත්වෙන මෙම තරගයේ දී මේ වන විට පාකිස්තානය පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 559ක්.

දිනයේ විශේෂ අවස්ථා පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...