මෙන්ඩිස්ගේ 200 සී.සී.සී පිලට ශූරතාවය ගෙන එයි

Date:

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් නොදැවී රැස් කරන ලද ද්විත්ව ශතකය හේතුවෙන් පිට පිටම දෙවැනි වතාවටත් ලීග් ශූරයින් ලෙස කිරුළු පැළඳීමට සී. සී. සී. කණ්ඩායම අද (22) සමත් වුණා.

ඒ, අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ දී ප්‍රබල එන්. සී. සී. කණ්ඩායම සමග පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.

ඒ අනුව එම තරග වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශූරයින් ලෙස කිරුළු පැළඳීමේ අවස්ථාව සී. සී. සී. කණ්ඩායමට උදාවිය.

සී. සී. සී. පිල වාර්තා කරන ලද පළමු ඉනිමේ ජයත් සමඟ ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් නිර්මාණය වී තිබූ තුන් කොන් සටන මේ වන විට අනුශූරතාව දිනා ගැනීම වෙනුවෙන් නිර්මාණය වී තිබෙනවා.

එන්. සී. සී., හලාවත මේරියන්ස් සහ රාගම ක්‍රීඩා සමාජ අතරයි එම තුන්කොන් සටන නිර්මාණය වී ඇත්තේ.

කුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

එන්. සී. සී. පන්දුවාර 125.3 කදී ලකුණු 467 යි – (චතුරංග ද සිල්වා 159, ළහිරු උදාර 111, සහන් ආරච්චිගේ 62, මහේල උඩවත්ත 77, උපුල් තරංග 16, ලසිත් ඇඹුල්දෙණිය 16, මාලින්ද පුෂ්පකුමාර 80/6 ළහිරු ගමගේ 66/2)

සී.සී.සී. පළමු ඉනිම 123 කදී කඩුලු 6 ට ලකුණු 480 යි – (කුසල් මෙන්ඩිස් 200*, ලසිත් අබේරත්න 104, මිනෝද් භානුක 33, ළහිරු මධුශංක 63*, රොන් චන්ද්‍රගුප්ත 19, අශාන් ප්‍රියන්ජන් 23, වනිඳු හසරංග 14, ළහිරු කුමාර 103/2, දුෂ්මන්ත චමීර 81/2)

සංතුෂ්ගෙන් දෙවැනි ඉනිමේත් අර්ධ ශතකයක්

කෝල්ට්ස් පන්දුවාර 72 කදී ලකුණු 302 යි – (සංතුෂ් ගුණතිලක 74, සංගීත් කුරේ 38, ඩිල්රුවන් පෙරේරා 58, අකිල ධනංජය 51*, නිපුන් මාලිංග 13, සධීර සමරවික්‍රම 12, අසිත ප්‍රනාන්දු 87/5, තික්ෂිල ද සිල්වා 65/2, ෂෙහාන් ජයසූරිය 54/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 101 කදී කඩුලු 9 කට ලකුණු 399 යි – (ලසිත් කෲස්පුල්ලේ 54, ඕෂධ ප්‍රනාන්දු 35, රුමේෂ් බුද්ධික 145, ෂෙහාන් ජයසූරිය 28, පුලින තරංග 15, කසුන් විදුර 68*, තික්ෂිල ද සිල්වා 20, ඩිල්රුවන් පෙරේරා 84/3, නිපුන් රන්සික 58/2, අකිල ධනංජය 72/2)

කෝල්ට්ස් පන්දුවාර 75 කදී කඩුලු 5 ට ලකුණු 227 යි – (සංතුෂ් ගුණතිලක 82, විශාද් රන්දික 32, සංගීත් කුරේ 57*, නිමේෂ් විමුක්ති 59/2)

චන්දිමාල්ගෙන් අර්ධ ශතකවක් 

රාගම පළමු ඉනිම පන්දුවාර 144.3 කදී කඩුලු 9 ට ලකුණු 501 යි – (ජනිත් ලියනගේ 107*, සමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් මදුෂ්ක 56, ඉෂාන් ජයරත්න 19, බිනුර ප්‍රනාන්දු 62, අමිල අපෝන්සු 44, යශෝධ මෙන්ඩිස් 74/3, ප්‍රසන්න සික්කුගේ 128/2, මල්ක මදුසංඛ 84/2)

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 59.1 කදී ලකුණු 189 යි – (හේෂාන් හෙට්ටිආරච්චි 54, දිනේෂ් චන්දිමාල් 50, දුෂාන් විමුක්ති 20, යසෝද මෙන්ඩිස් 25, ශෂික දුල්ශාන් 44/4, ඉෂාන් ජයරත්න 13/2)

රාගම දෙවැනි ඉනිම පන්දුවාර 30.2 කදී කඩුලු 8 ට ලකුණු 126 යි – (සමින්ද ප්‍රනාන්දු 32, උදාර ජයසුන්දර 13, රොෂේන් සිල්වා 18, ජනිත් ලියනගේ 16, ශෂික දුල්ශාන් 12, දුශාන් විමුක්ති 38/5, ප්‍රසන්න සික්කුගේ 32/3)

යුද හමුදාව දෙවැනි ඉනිම පන්දුවාර 16 කදී කඩුලු 2 ට ලකුණු 66 යි – (අසේල ගුණරත්න 22*, තුලින ඩිල්ෂාන් 19, මහේෂ් කුමාර 15)

බී. ආර්. සී. අනපේක්ෂිත පසුබෑමක

බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 110.1 කදී ලකුණු 392 යි – (රමින්ද විජේසූරිය 109, ශානුක දුලාජ් 94, නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, දේශාන් ඩයස් 39, භානුක රාජපක්ෂ 33, ඩිල්ශාන් ද සොයිසා 26, රනිත ලියනආරච්චි 66/4, සචින්ත පීරිසි 85/2)

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 88 කදී ලකුණු 262 යි – (සිතාර ගිම්හාන් 43, ගමිඳු අමරසිංහ 43, ප්‍රමෝද් මදුවන්ත 47, අශේන් බණ්ඩාර 31,සචින්ත පීරිස් 21, රනිත් ලියනාරච්චි 37, නවිඳු විතානගේ 17, මොහොමඩ් ශිරාස් 74/4, භානුක රාජපක්ෂ 49/2, දිවිඳු තිලකරත්න 36/2)

බී.ආර්.සී. දෙවැනි ඉනිම පන්දුවාර 27.1 කදී ලකුණු 124 යි – (හෂේන් රාමනායක 35, නිසල් ෆ්‍රැන්සිස්කෝ 22, රමින්ද විජේසූරිය 14, උමෙෂ්ක මොරායස් 17*, මොහොමඩ් ඩිල්ශාඩ් 42/7, සචින්ත පීරිස් 28/3)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...