“ඇග බේරගන්න ඕනෙ නම් හඩක් නගන්න ඕනෙ නෑනේ” – සංගා

Date:

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රිඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙන ජාතික ක්‍රිඩා සභාවේ නිලධාරින් පසුගියදා පත් කෙරුණු බව අප මීට පෙරද තොරතුරු වාර්තා කළා.

එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කෙරුණා.

ජාතික ක්‍රිඩා සභාවට නියෝජිතයින් 14 දෙනෙකු ඇතුළත්.

මෙම සභාවේ පළමු හමුවෙන් අනතුරුව ඊට එක් වූවන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් පල කළා.

එහිදී පසුගිය දිනවල සංගක්කාර ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් එල්ල වූ ඇතැම් චෝදනා සම්බන්ධයෙන් ජාතික ක්‍රිඩා සභාවේ සාමාජික හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියා.

ඊට කුමාර් සංගක්කාර දුන් පිළිතුරු වූයේ “ඇග බේරගන්න ඕනෙ නම් හඩක් නගන්න ඕනෙ නෑනේ” යනුවෙනි.

ජාතික ක්‍රිඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙහිදී අදහස් පල කළා.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...