ඔස්ට්‍රේලියාවට ලකුණු 221 ක දැවැන්ත ජයක් ; එංගලන්තයට පූර්ණ තරගාවලි පරාජයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායමට තරග 3-0 ක දරුණු තරගාවලි පරාජයක් අත්කර දෙමින් දෙරට අතර පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 221 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(22) සමත් වුණා.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමට වර්ෂාවෙන් කිහිපවරක්ම බාධා එල්ල වූ බැවින් ඔස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 48 කට සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 48 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 355 ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 269 ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හෙඩ් සමත් වුණා.

එය එක්දින ජාත්‍යන්තර තරගයක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු 9 වැනි ඉහළම ලකුණු සම්බන්ධතාවයයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ හෙඩ් පන්දු 130 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 16 ක් සමගින් ලකුණු 152 ක් රැස් කළා.

වෝනර් පන්දු 102කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 106 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ඔලී ස්ටෝන් ලකුණු 85 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 31.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

ජේසන් රෝයි ලකුණු 33 කටත්, ජේම්ස් වින්ස් ලකුණු 22කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 31 කට කඩුලු 4ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...