ආබාධය සුව වූ කුසල් ජනිත් විදෙස් ලීග් තරගාවලියක් සමගත් ගිවිසුම්ගත වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සිය ආබාධය සුව වීමෙන් පසුව පළමු වරට විදෙස් 20යි 20 ලීග් තරගාවලියකට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඔහු ගිවිසුම්ගතව ඇත්තේ Fortune Barishal කණ්ඩායම සමගයි.

32 හැවිරිදි කුසල් පෙරේරා දීර්ඝ කාලයක සිට උරහිසක ආබාධයකින් පසු වූ අතර, ඔහු මෑතකදී ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා.

ඔහු අවසන් වරට තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 19 වැනිදා යි. ඒ, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරමින් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිවයි.

මෙවර එල්.පී.එල් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට කුසල් ජනිත් පෙරේරා සූදානමින් පසුවන බවයි වාර්තා වුණේ.

මේ අතර, ඇෆ්ඝනිස්තානයේ රහ්මනුල්ලාහ් ගුර්බාස් හා නවීන් උල් හක් සමග මෙන්ම පාකිස්තානයේ උස්මාන් කාදීර් සමග ද Fortune Barishal කණ්ඩායම එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරග වාරය වෙනුවෙන් ගිවිසුම්ගතව තිබෙනවා.

තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ද එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම්ගත වුණේ කුල්නා ටයිගර්ස් කණ්ඩායම සමගයි.

කමිදු මෙන්ඩිස්, තිසර පෙරේරා හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එමෙන්ම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීම සදහා ගිවිසුම්ගත වී තිබෙනවා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි අදියර ලබන ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරග 46ක් ඇතුළත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...