අවසන් 20යි 20 ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු සමව අවසන් වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(22) වර්ෂාව හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු සම වීමෙන් අවසන් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.

නේපියර් හී දී අද පැවැති අවසන් 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 160 ක්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 59(49) ක් හා ග්ලේන් පිලිප්ස් ලකුණු 54(33) ක් රැස් කළා. ඔවුන්ගේ තෙවැනි කඩුල්ල පන්දුවාර 15.5 ක් අවසානයේ දී දැවී ගිය පසුබිමකයි පන්දුවාර 19.4 ක් තුළ නවසීලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණේ.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් අර්ෂ්දීප් සිං හා මොහමඩ් සිරාජ් කඩුලු 4 බැගින් දවා ගත්තා.

ඉන්දීය කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන් පන්දුවාර 9 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදු වුණා.

තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, එම අවස්ථාව වන විට ඉන්දියාව තරගය ජය ගැනීමටනම් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 76 ක් ලබා ගෙන සිටිය යුතුව තිබුණා.

කෙසේ වෙතත්, ඉන්දියාව ජයග්‍රහනයට එක් ලකුණක් පිටුපසින් පසු වූ බැවින් තරගය ලකුණු සම වී අවසන් වූ තරගයක් ලෙසයි අවසන් වුණේ.

ඉන්දියාව වෙනුවෙන් නායක හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 30(18) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 2 ක් දවා ගත්තා.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...