ශ්‍රී ලංකා සංචාරය අරඹමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම දිවයිනට

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (22) දිවයිනට පැමිණියා.

කණ්ඩායම් දෙකක් ලෙස ඔවුන් මෙරටට ළගා වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව පළමු කණ්ඩායම පෙරවරු 8.30 ට ද, දෙවැනි කණ්ඩායම පෙරවරු 10.40 ට කටුනායක ගුවන් තොටුපොල වෙත ළගා වුණා.

හෂ්මටුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන එක්දින සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ගුල්බදීන් නයිබ් හා මෙතෙක් ජාත්‍යන්තර එක්දින වරම් දිනා නොමැති 18 හැවිරිදි නූර් අහ්මඩ් ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

සංචාරයේ දී දෙරට අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය එළඹෙන 25 වැනිදා ද, දෙවැනි එක්දින තරගය එළඹෙන 27 වැනිදා ද, තෙවැනි එක්දින තරගය එළඹෙන 30 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...